Wishlist & Checkout page is available for premium users Buy Now
Posts

උඩවැඩියා

උඩවැඩියා
Color :
Size :
උඩවැඩියා පවුලේ මල් බොහෝ විට වර්ණවත්ය. සමහරක් සුවඳින් ද යුක්තය. ඕකිඩ් යනු වර්ෂා වනාන්තරවල ස්වාභාවිකව වැවෙන ශාකයක් වන අතර විවිධ දේශගුණික තත්ව යටතේ සාමාන්‍ය ගෙමිදුලකත් විශේෂ හරිතාගාර ආවරණයන් තුළත්, වගාකල හැක.ඕකිඩ් උණුසුම් නිවර්තන වනාන්තර කළාප ,උතුරු ඇමරිකාවේ සීතල දේශගුණික කළාප, ඇන්ටාක්ටික් මහද්වීපය හැරුණු කොට සියලූම මහද්වීප තුල දක්නට ලැබේ. ඕකිඩ් වර්ග බහුතරයක් නිවර්තන කලාපීය රටවල හා මධ්යම හා දකුණු ඇමෙරිකාව, මෙක්සිකෝව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බුරුමය, දකුණු චීනය, තායිලන්තය, මැලේසියාව, පිලිපීනය, නව ගිනියාව හා ඕස්ට්රේලියාවේ උණුසුම් තෙත් වනාන්තර තුළ ස්වාභාවිකව වැවේ. සමහර උඩවැඩියා විශේෂ පමණක් ලෝකයේ ඇතැම් කලාප වල හැර  වෙන කොහේවත් නැත, උදාහරණයක් ලෙස,වැන්ඩා කුලය අග්නිදිග ආසියාවේ  වනාන්තර වල පමණක් දක්නට ලැබේ. බ්රසීලයේ කැට්ලියාස් cattleyas, මෙක්සිකානු ලීලියාස් laelias සහ ඉන්දීය ඩෙන්ඩෙ‍්‍රාබියම් dendrobiums, සිම්බීඩියම් cymbidiums හා වැන්ඩාස් vandas ලෝකයේ නවීන උඩවැඩියා කර්මාන්තයේ මුල් තැන උසුලයි.
ඔකිඩේසියේ කුලයට අයත් පැලෑටි ඒක බීජ පත්‍රී බහුවාර්ෂික ශාක විශේෂයකි.  මේ හැරුණු විට මාංසල පත්‍රද, කඳ ඝණ වූ පර්වවලින් යුතු ව්‍යාජ බල්බවලින් යුතුවීමද ඔකිඩේසියේ කුලයට අයත් ශාකවල විශේෂත්වයකි. ඉතාම කුඩා ප්‍රමාණයේ මිනි ඕකීඩ් වල සිට අඟල් 20 – 30 පමණ දක්‌වා විශාලව දිගට පිපෙන ඕකීඩ් මල්, කැපූ මල් කර්මාන්තයේදී සුවිශේෂ තැනක්‌ හිමිකරගෙන ඇත්තේ එහි ඇති සුවිශේෂ අලංකාර හැඩය හා වර්ණය මෙන්ම දිගුකලක්‌ ජීව ගුණයෙන් ද නොමැළවී තබා ගැනීමට හැකි වීමත්  නිසාය.
උඩවැඩියා විවිධ සත්ත්ව රූප හැඩ වලින් යුතුය. පරෙවි මල් , තාරා මල් , කරාබු මල් , යක්මල් , ශ්‍රී ලංකාව තුල තිබෙන නිදර්ශනයන්ය. අප රටේ ඕකීඩ් මල් විශේෂ 169 ක් හමු වන අතර ඉන් 73 ක් ම අප රටටම ආවේණික ය. ගුරුළුරාජ ( Fox Tail Orchid ) හා වෙසක් මල් දේශීය සුදු හා දම් පාටින් යුක්ත වේ. මෙය වන සත්ත්ව වෘක්ෂලතා ආඥා පනත යටතේ උඩවැඩියා අතර වෙති. මේවා ආරක්ෂිත පැළෑටි විශේෂයන් ලෙස ද නම් කර ඇත.

Post a Comment

Message via WhatsApp

Send instant messages & product details through Whatsapp.

Money Back

If goods have problem we'll return your good.

24/7 Support

Our dedicated support is available to help you.