- Bank Name:Bank Al Bilad
- Branch:Al Aziziyah
- Swift Code:ALBISARI
- Account:BloggerMentor
- Account number:SA3915000671546385470007
Paytm
Gpay
PhonePe
- Please send your cheque to MeemStore, 2/247 Street, District 6, London 21955, United Kingdom
Desing by Thilina Ranaweera - 0702654085
Wishlist & Checkout page is available for premium users
Buy Now
المشاركات
උඩවැඩියා කැපුම් මල් වගාව


උඩවැඩියා කැපුම් මල් වගාව ලිපි අංක 03
මේ කැපුම් ඕකිඩ් වගාව පිලිබද තුන්වන ලිපියයි. අද පටන් ඩෙන්ඩ්‍රෝබියම් කැපුම් මල් වගාවක් ආරම්භ කිරීමට පදනම සකස් කර ගන්නා ආකාරයේ සිට වෙළෙඳපොළ සකස් කර ගැනීම දක්වා ලිපි සියල්ලම පිළිවෙලින් ඔබට අධ්‍යනය කල හැකිය . 01) වගාවක් ආරම්භ කිරීමට පෙර එයට අවශ්‍ය ප්‍රාග්ධනය සොයා ගන්නෙ කොහොමද ? කොපමණ මුදලක් එයට මූලිකවම අවශ්‍ය වෙනවද ? ප්‍රාග්ධනය සොයා ගැනීමට කුඩා ව්‍යාපාර ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඕනෑම රජයේ හෝ පෞද්ගලික බැංකුවක් මඟින් මෙම ණය මුදල් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අනෙක් කාරණාව නම් කැපුම් මල් වගාවක් ආරම්භ කිරීමේදී ගොවියාගේ ඉවසිලිවන්තකම ඉතා ඉහලින් තිබිය යුතු දෙයක්. මෙම ණය මුදල සණස සංවර්ධන බැංකුව හරහා ඉතා පහසුවෙන් ලබා ගන්න හැකියාව සහිතයි . මේ සදහා අනුගමනය කළ යුතු කොන්දේසි කිහිපයක් තිබෙනවා. මේ කොන්දේසි නිසියාකාරව අනුගමනය කිරීමෙන් පසුව මාස 1-2 තුල එම ණය මුදල ඔබට ලබා ගන්න පුලුවන් . උපරිම ලක්ශ 5 දක්වා මෙම ණය මුදල 8% සහණදායී පොලී අනුපාතයට ලබා ගන්න පුලුවන් . 02) එසේනම් අපි කතා කරමු ඩෙන්ඩ්‍රෝබියම් කැපුම් මල් වගාවක් ආරම්භ කරන්න මූලික අඩිතාලමේ පටන් ??? ඔව්. මූලික අඩිතාලම විය යුත්තේ ඩෙන්ඩ්‍රෝබියම් වලට ගැලපෙන වගේම ඔබගේ පලාතේ දේශගුණයට ගැලපෙන දැල් ගෘහයක් හෝ පොලිතින් ගෘහයක් නිර්මාණය කර ගැනීමයි. මෙතනදී බොහෝමයක් දෙනා කියන දෙයක් තමයි ආරක්ශිත ගෘහයක් නොමැතිව ඕකිඩ් කැපුම් මල් වගාවක් පවත්වාගෙන යන්න නොහැකිද කියන දේ.. පුලුවන් ... නමුත් ගුණාත්මක නැහැ. එහෙම වුනහම අපේ නිෂ්පාදනයට වෙළෙඳපොළ ඉල්ලුම අඩුවෙන්න පුලුවන් . ඒ නිසා රෝග වලින් , කෘමි හානිවලින් තොර , කාලගුණික හානිවලින් තොර නිරෝගී මල් අස්වැන්නක් ලබා ගන්න පුලුවන් . 03) තව දුරටත් සාකච්ඡා කලොත් ??? තෙත් කලාපය කියූ පමණින් මනසේ රැදෙන්නෙ වසරේ දිගු කාලයක් වැසි ලැබෙන , ගොදින් අතු පතර විහිදී ගිය හරිත වර්ණ ශාක වලින් සපිරි පොළොවට අව්ව අඩුවෙන් ලැබෙන පරිසරයක්. මෙය උඩවැඩියා වගාවට එතරම් සුදුසු තත්වයක් නොවෙයි . එසේ නම් මේ තත්වය අතරින් අපි උඩවැඩියා වගාවට සුදුසු තත්වයක් ඇති කර ගන්නෙ අපි නිර්මාණය කරන දැල් ගෘහය මගින්. එමෙන්ම වගා කරන උඩවැඩියා වර්ගය අනුව ඊට වඩාත්ම ගැලපෙන ඊට වඩාත්ම ගැලපෙන සෙවන දැල් වර්ගය තෝරා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක්. තවත් කාරණයක් සිහිපත් කරන්න ඕනි. කැපුම් මල් වගාවේදී ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ හොදින් වර්ධනය වුන මල් කිනිත්තක් නිසා ගුණාත්මක බව ඉහළ මට්ටමක පවතින්න ඕනි කියන දේ. එතනදී දේශගුණික සාධක වලින් සිදුවන බලපෑම ගැන සාකච්ඡා නොකරම බැහැ. අධික වර්ෂාපතනය හමුවේ ඕකිඩ් වලට දිලීර බැක්ටීරියා ආසාදන මෙන්ම යාන්ත්‍රිකව සිදුවන හානි නිසා මල් කිනිති මෙන්ම මව් ශාකයටද හානි වෙන්න පුලුවන් . ඒ නිසා තෙත් කලාපයේ කැපුම් මල් වගාවකට නිර්මාණය කරන දැල් ගෘහයේ වහලයට UV treated පොලිතින් භාවිතා කරලා නිර්මාණය කරන්න පුලුවන් . ඔබගේ කැපුම් උඩවැඩියා වර්ගය මත සෙවන දැලේ ප්‍රතිශතය තීරණය කරන්න පුලුවන් . UV treated පොලිතින් සාමාන්‍ය වර්ග මීටරයක් රු 150/= සිට රු 220/= දක්වා මිල සඳහන් වෙනවා. දැල් වල මිල සාකච්ඡා කලොත් සාමාන්‍යයෙන් මීටර් 3 පමණ පළල මීටරයක් දිග 50% දැල රු 70/= - 250/= අතර මිළට මිළදී ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඊලඟ ලිපියෙන් සාකච්ඡා කරමු වානිජව නිසි ප්‍රමිතියෙන් යුක්ත කැපුම් මල් උඩවැඩියා වගාවක් සඳහා පොලිතින් වහලයක් යෙදූ දැල් ගෘහයක් නිර්මාණය කර ගන්නා ආකාරය ...
Message via WhatsApp
Send instant messages & product details through Whatsapp.
Money Back
If goods have problem we'll return your good.
24/7 Support
Our dedicated support is available to help you.